Link-Short කර $$ හොයන්න මෙන්න ලංකාවෙන් සයිට් එකක්


E-money ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් අලුත් web site එකතු වෙනවා. ඉතින් ලංකාවෙත් දැනට මාස කිහිපයකට කලින් එකතු වුන Link-Short කරන සයිට් එකක් තියෙනවා. මේක අපේ යාළුවන්ට අලුත් දෙයක් නෙමෙයි. මෙයාලාගේ එකවුන්ට් එකේ ලියාපදිංචි වෙලා Link Short කරලා ඒක Facebook වගේ තැන්වල Share කරලා ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ආදායම $2 වුන ගමන් ඔයාට මුදල් ලබාගන්නත් පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාට ලියාපදිංචි වෙනවට බෝනස් මුදලකුත් මේ වෙබ්සයිට් එක මගින් ලබාදෙනවා කියන එක. ඉතින් පහත තියෙන Link එක Click කරලා ඔයා ඒ සයිට් එකේ ලියාපදිංචි වෙන්න. ස්තූතියි.


ෆෝන් එක නැතිවුනොත් මොකද කරන්න ඕනේ?


ෆෝන් එක නැතිවුනොත් මොකද කරන්න ඕනේ?



2. TRCSL ලියමන
Source – trc.gov.lk

මීළඟට ඔබ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔබේ අස්ථානගත වූ දුරකථනය ගැන විස්තර සහිත ලිපියක් යැවිය යුතු වෙනවා. මෙහි දුරකථනය නැති වූ දිනය, දුරකතනයේ IMEI නොම්මරය අප කලින් ලබාගත්ත පොලිස් පැමිණිල්ලේ පිටපත, සහ ඔබේ හැඳුනුම්පතේ සහතික කල පිටපතක් ඒ සමඟ අමුණා යවන්නට අමතක කරන්න එපා.
වැදගත්: මේ සියල්ලේම පිටපත් ඔබ සතුවත් තියා ගන්න එක හොඳයි.


මොකද්ද මේ IMEI නොම්මරය කියන්නේ?
Source – ubergizmo.com

IMEI කියන්නේ ඔබේ දුරකතනයට ලබාදී ඇති හඳුනාගැනීමේ අංකයයි. එය ඔබේ දුරකතනයටම අනන්‍ය වුනු අංකයක් බව මතක තබා ගැනීම වැදගත් වෙනවා. *#06# අංකය දුරකතනයේ ඛේතනය කිරීමෙන් සරලවම ඔබට ඔබේ දුරකතනයේ IMEI අංකය ලබාගැනීමට පුළුවන්. එහෙම නැතිනම් ඔබේ දුරකතනය ට ලැබුණු ඇසුරුම් පෙට්ටියේ පිටත මේ IMEI නොම්මරේ සටහන් කර ඇති.  බැරි වෙලාවත් ඔබේ ෆෝන් එකේ IMEI නොම්මරය සමඟ පෙට්ටියේ IMEI එක සැසඳූනේ නැතිනම්, ඔබේ ෆෝන් එක නිත්‍යානුකූල නොවන අයුරකින් මෙරටට ගෙන ආ දුරකතනයක් බව හිතට ගත්තොත් හොඳයි.


3. සිම් එක ඔබේ නොවෙයි නම්?
Source – dailydot.com

සිම් පතේ හිමිකරුවාගේ, සිම්පත හිමි සමාගම, අධ්‍යාපනික ආයතනය, සේවා ස්ථානය  තුල සිම්පතේ වගකීමක් දරන කෙනෙකුගේ අත්සන සහ විස්තර සහිතව ලිපියක් ඉහත ලිපියටම අමුනන්නට අවශ්‍යයි.
එහි අදාළ සමාගම/ පුද්ගලයා විසින් ඔබට මේ සිම්පත භාවිතය සඳහා ලබාදුන් බවට සහතිකයක් ඇතුළත් වීම අනිවාර්යය වෙනවා.

4. ඉන් පස්සේ මොකද වෙන්නේ?
  1. ඔබ මේ ලියුම TRCSL එකට යැවුවාට පස්සේ ඔවුන් ඔබ දුරකතනයේ තොරතුරු සහිත වාර්තාවක් සියලු ම සිම්පත් සහිත දුරකථන සමාගම් වලට ලබා දෙනවා. එහිදී ඔබේ IMEI නොම්මරය සහිත දුරකථනය කුමන අංකයක් යටතේ භාවිතා වෙනවා ද කියා දැන ගැනීමට පුළුවන්.මෙයට කොතරම් කාලයක් යනවා ද කියලා කියන්නට අපහසු වන්නට හේතුව වෙන්නේ ඔබෙන් සොරා ගත් දුරකථනය වෙනත් සිම් පතකින් දුරකථන ජාලයකට සම්බන්ධ වෙන තුරු සිටින්නට අවශ්‍ය වීම නිසයි.
  2. මෙසේ තොරතුරු යම් දුරකථන සමාගමකින් සොයා ගත් පසු TRCSL එකට පරීක්ෂණ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය තොරතුරු සහිත රහස්‍ය වාර්තාවක් අදාළ සමාගමෙන් සැපයෙනවා.
  3. ඒ අතරම මේ ගැන දුරකථනය හිමිකරු වන ඔබට ද ලිපියකින් දන්වන්නට TRCSL එක කටයුතු කරනවා.

5. TRCSL එකෙන් පොලිසියට
  1. සොරා ගත් දුරකථනය ගැන අවශ්‍ය හෝඩුවාවක් TRCSL එකෙන් සොයා ගත් පසු ඔවුන් ඒ සියලු ම තොරතුරු සහ සාක්ෂි රහස්‍ය වාර්තාවක් මගින් පොලිසියට ලබා දෙනවා. ඉන් පසුව දුරකථනය නැති වූ පසු මුලින් ම දුරකථන ජාලයට ඇමතුමකින් සම්බන්ධ වූ නොම්මරය අයිති පුද්ගලයාගේ ලිපිනයට පොලිසිය විසින් කැඳවීමක් කරනවා.
  2. ඉන් පසුව අවශ්‍ය හෝඩුවාව ඔස්සේ කටයුතු කර අවශ්‍ය නීතිමය කටයුතු පොලිසිය මගින් කරන්නට පටන් ගන්නවා. ඉන්පසුව ඔවුන් විසින් ඔබේ දුරකථනය ඔබේ අතට ලැබෙන්න කටයුතු කරාවි.


ගුගල් Find My Phone
Source – searchengineland.com
Source – searchengineland.com
ඔබ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නෙක් නම් ඔබ දුරකතනයේ සම්බන්ධිත ඊමේල් ලිපිනය ඔබ වර්තමාන භාවිත කරන එකක් නම්, බ්‍රව්සර් එකේ ඇඩ්රස් පෙනුවේ Find My Phone කියා ටයිප් කල විට ඔබ ජාලගත වෙන දුරකථන සහ උපාංග ලැයිස්තුව පෙන්වනවා. එයින් ඔබට අවශ්‍ය උපාංගය තෝරා, එය නාදය කරවන්නටත්, තිබෙන තැන ගුගල් මැප් එක්ක ඔස්සේ පෙන්වන්නටත්, උවමනා නම් ඒ උපාංගයේ දත්ත මකා දමන්නටත් පුළුවන් වෙනවා.
මේ සියල්ල කරන්නට පුළුවන් වෙන්නේ ඒ අවස්ථාව වෙන කොටත් ඔබේ දුරකථනය අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා තියෙනවා නම් පමණයි. එහෙම නැතිනම් පෙන්වන්නේ ඔබේ දුරකථනය අවසාන වරට ජාල ගත වෙලා තියෙන්නේ කොතැනින් ද කියල විතරයි.

GifBoom Pro


මේ වනවිට සමාජ ජාල තුළද ඡායාරූප බෙදාගැනීම තරමටම පැතිර යන උන්මාදයක් වන්නේ GIF ලෙසින් හැඳින්වෙන කෙටි සජීවීකරණ ඡායාරූපයන් බෙදා ගැනීමයි. GifBoom Pro යනුවෙන් හැඳින්වෙන්නේ ඔබගේ අයිෆෝනය උපයෝගී කරගනිමින් සජීවීකරණ ඡායාරූපයන් නිර්මාණය කිරීමට සහ බෙදාගැනීමට ඉඩ ලබාදෙන මෙවලමක් යනුවෙන් හැඳින්වීම වැරදි නැත.
මෙම GifBoom Pro යෙදුම ඔබගේ අයිෆෝනයේ ඉදිරිපස සහ පි‍ටුපස කැමරා දෙකටම සහාය දක්වන අතර, ඔබට ඉන් ගන්නා ඡායාරූපයක්  හෝ සෙල්‍ෆි ඡායාරූපයක් පහසුවෙන්ම GIF සජීවීකරණයක් බවට පත් කිරීමට ඒ මගින් ඉඩ ලබදෙනු ඇත. එසේම මෙහිදී ක්ෂණයකින් ගන්නා ඡායාරූප කිහිපයක් මගින් මෙම GIF ඡායාරූප නිර්මාණය වන අතර, එම ඡායාරූපයන් අතර වේගයද ඔබට පාලනය කිරීමට ඉඩ ලැබෙනු ඇත.
එසේම මෙම GifBoom Pro යෙදුම මගින් ලබාදෙන තවත් සුවිශේෂී හැකියාවක් වන්නේ තත්‍ය කාලීනව ඔබගේ GIF ඡායාරූපයට විවිධ ‍ෆිල්ටරයන් එකතු කිරීමේ හැකියාවයි. මෙහිදී මෙහි ඇති විශේෂ ‍vintage ෆිල්ටරය ඔබේ අවධානය වඩාත් දිනාගන්නා අංගය වුවහොත් පුදුමයක් නොවේ. එසේම මෙහිදී ඔබගේ ඡායාරූපයන් හත‍රැස් හැඩයටම තබාගැනීමට අවශ්‍ය නොවනා අතර, ඔබට කැමති ඕනෑම හැඩයකට, ඕනෑම ආකාරයකට ඔබේ GIF ඡායාරූප නිමවා ගැනීමට GifBoom Pro යෙදුම ඉඩ සලසනු ඇත.

ඩවුන්ලෝඩ් කිරීමට සබැඳිය: https://goo.gl/n09Zu6

Prisma || නවීන ලෝකයට සාම්ප්‍රදායික ආකෘතියේ Smart-Watch


ස්මාට්ෆෝන් නිර්මාණ සැලසුම් ලෝකයේ නවතම ආකර්ෂණය කුමක්ද කියා ඇසුවහොත් ඊට දිය හැකි පිළිතුර වන්නේ අත් ඔරලෝසු යන්නයි. සැබවින්ම මේවා සාමාන්‍ය අත් ඔරලෝසු නොව, අත් ඔරලෝසු තුළ සංයුක්ත වූ ස්මාට්ෆෝන්, නැතිනම් smart-watch වෙයි. මෙම උමතුව තවත් වැඩිවූයේ ඉදිරි මාසයේදී වෙළෙඳ පොළට නිකුත්වීමට නියමිත Samsung Gear සම්බන්ධ තොරතු‍රැ නිල වශයෙන් ප්‍රකාශවීමත් සමගිනි.
කෙසේ වුවත් මේ සෑම smart-watch නිර්මාණ සැලසුමක් තුළම දැකිය හැක්කේ බැලූ බැල්මට පෙනෙන අධි තාක්ෂණික හැඩතල සහ නිමාවයි. සාමාන්‍ය සාම්ප්‍රදායික අත් ඔරලෝසුවක සැලසුමක්ම ඥානවන්ත ඔරලෝසුවක් බවට පත්කරන්නට නොහැකිද?
මෙයට පිළිතුරක් ලෙස 80 දශකයේ ස්ටීව් ජොබ්ස් පැලඳි ආකාරයේ අත් ඔරලෝසු සැකැස්මක් smart-watch එකක් බවට පරිවර්තනය කළ හැකි බව පවසන්නේ නිර්මාණ සැලසුම් ශිල්පී Stephen Olmstead විසිනි. Apple iWatch සංකල්පය මත පදනම් වෙමින් ඔහු කළ මෙම නිර්මාණය කාන්තා පාර්ශ්වයටද වඩාත් ගැළපෙන බව පැවසෙයි.
මෙහි සාම්ප්‍රදායික අත්ඔරලෝසුවක ආකාරයේ රවුම් මුහුණතක් පිහිටා තිබෙන අතර, එය Touchscreen එකක් ලෙස ක්‍රියා කිරීමට තරම් ප්‍රමාණවත්ද යන ගැටලුව පවා මතුවෙයි. කෙසේ වුවත් මෙහි සැලසුම් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ, මෙහි ප්‍රධානතම සහ ප්‍රයෝජනවත්ම App එක වන්නේ Apple Siri බවයි. එනම් සම්පූර්ණයෙන්ම පාහේ ඔබගේ කටහඬින් දෙන විධාන ඇසුරින් මෙහි ඇති ස්මාට් විශේෂාංග හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම Apple iWatch සංකල්පය සමගින් smart-watch සැලසුම් කිහිපයක්ම නිමවා ඇති අතර, ඒ හැම එකක්ම ධාවනය වන්නේ iOS 7 මගිනි. එසේම Bluetooth හෝ Adhoc ජාලයක් මගින් විවිධ iOS host devices සමගින් සම්බන්ධ වීමේ හැකියාවද මීට ලබාදිය හැකි බව නිර්මාණ ශිල්පියාගේ මතය වන අතර, ඒ අනුව Touchscreen එක පවා අඩුවෙන් භාවිත වන, සාම්ප්‍රදායික පාලන බොත්තම් අවම, මිනිස් කටහඬින් දෙන විධාන ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඔබගේ සියලුම ස්මාට් උපකරණ එකට එක්තැන් කරන ස්මාට් හබ් එකක් ලෙසින්ද ක්‍රියාත්මක විය හැකි ස්මාට්ෆෝන් එකක්, නැතිනම් smart-watch එකක් සඳහා මෙය උදාහරණයක් වේවි.

ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකේ ඉඩ මදිද


Image result for disk usage app for androidඔබත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයක හිමික‍රැවෙකු නම්, ඔබට පැන නගින ප්‍රධානතම ගැටලුවක් වන්නේ ඔබගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ස්මාට්ෆෝනයේ ඉඩකඩ නොමැති වීමයි. සැබවින්ම මෙහිදී ඔබ භාවිත කරන්නේ ගිගාබයිට් එකකටත් අඩු අභ්‍යන්තර මතකයක් ඇති ස්මාට්ෆෝනයක්ද, එසේත් නැතිනම් ගිගාබයිට් හැට හතරක ඉඩ ප්‍රමාණයක් ඇති නවීනතම, උපරිම ශක්‍යතා ඇති ස්මාට්ෆෝනයක්ද යන්න වැදගත් නොවේ. ඔබට SD/Micro SD card භාවිතයෙන් මතකය ඉහළ නැංවීමට හැකි වුවත් සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් ලෝලීන්ට මෙම ඉඩකඩ මදිවීමේ ගැටලුව කෙදිනක හෝ පැන නඟියි.
කෙසේ වුවත් මෙම ගැටලුව දෙස නැවත බැලීමේදී පෙනීයන කාරණාව වන්නේ, බොහෝ විට ස්මාට්ෆෝනයක මතක ධාරිතාව මදිවීමට සැබවින්ම හේතුවන්නේ ස්මාට්ෆෝනයේ කළමනාකරණය සම්බන්ධයෙන් ඔබගේ නොහැකියාව, මනා නඩත්තුවක් නොමැතිවීම යන කාරණා නිසාවෙන් බවයි.
මෙහිදී විශේෂයෙන්ම සලකා බැලිය යුතු වන්නේ, ඔබගේ ස්මාට්ෆෝනයේ මතකයේ රඳවා ඇති ඔබ කිසිම දිනක අසා නැති ගීත, වීඩියෝ වැනි දත්ත, ඔබ විසින් ආසාවට ස්ථාපනය කොට ගත්තද, කිසිම දිනක භාවිත කර නැති ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වැනි දේ සම්බන්ධයෙනි.
ඔබ විසින් මුලින්ම කළ යුතු දේ වන්නේ Settings > Apps යන මාර්ගයේ ගොස් ඔබගේ ස්මාට්ෆෝනයේ ස්ථාපනය කර ඇති යෙදුම් ලැයිස්තුව බලා එහි ඇති ඔබට අනවශ්‍ය, කෙදිනකවත් භාවිත කර නැති, භාවිත කරනු ඇතැයි නිශ්චිත අදහසක්ද නැති යෙදුම් ඉවත් කිරීමයි. ඔබට Google Play වෙතින් ලබාගන්නා Disk Usage යෙදුම ආශ්‍රයෙන් ස්මාට්ෆෝනයේ ධාරිතාවේ වැඩිම ඉඩක් ලබාගෙන ඇති දත්ත ගොනු සම්බන්ධ අදහසක් ලබාගන්නට හැකිවනු ඇත.
ඔබ භාවිත කරන්නේ අවම ශක්‍යතා සහිත ස්මාට්ෆෝනයක් නම්, ඔබට නිරන්තරයෙන් ස්මාට්ෆෝනය මන්දගාමී වීම සහ ධාරිතාව අඩුවී ඇති බැවින් වහාම ඉඩ ලබාදෙන ලෙසට මෙහෙයුම් පද්ධතියෙන් ලැබෙන අනතු‍රැ හැඟවීමේ පණිවුඩ නුහු‍රැ නුපු‍රැදු නොවනු ඇත. සාමාන්‍යයෙන් Google Maps වල සිට Google Play යෙදුම දක්වා බොහෝ යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන වන අතර, එම යාවත්කාල කිරීම් විසින් ඔබගේ ස්මාට්ෆෝන් ධාරිතාවේ සැලකිය යුතු ඉඩක් අත්පත් කරගනු ඇත. ස්මාට්ෆෝනයේ මෙහෙයුම් පද්ධතියට සාර්ථකව සිය මෙහෙයුම් කිරීම සඳහා ඉඩ අවශ්‍ය බව කියා අනතු‍රැ හැඟවීමක් ලැබුණු විට ඔබට කළ හැකි එක් දෙයක් වන්නේ, Task Manager වෙත ගොස් හෝ Settings > Apps වෙත ගොස් අනවශ්‍ය යෙදුම් ඉවත් කිරීම සහ අවශ්‍ය යෙදුම්වල වෙනමම පෙන්වන යාවත්කාලීන වූ දත්ත ඉවත් කිරීමයි.

එසේම DroidSail Super App2SD Lite වැනි යෙදුමක් සමගින්, අභ්‍යන්තර මතකයේ ඇති ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වලින් SD මතකයට මා‍රැ කළ හැකි යෙදුම් වහාම මා‍රැ කිරීමද ඵලෝත්පාදක කටයුත්තක් වේ.

USB flash drive ඇදල ගත්තා ක්‍රමයට Remove කරමු


ඔබත් Windows OS භාවිතා කරන්නේ නම්, USB flash drive එකක් පරිගණකයට සවිකර අවශ්‍ය කටයුතු සිදුකළ පසුව එය ඉවත්කිරීමේ ක්‍රමය වන්නේ Task bar එකේ දකුණු පස Notification Area හි මතුවන ‍Windows Safe Removal තෝරාගැනීම භාවිත කිරීමෙන් බව ඔබ දනී. මෙය ඕනෑම USB උපකරණයක් සඳහා පොදු, අනුමත ක්‍රියා පටිපාටිය වෙයි. කෙසේ නමුත් යම් අයෙකු මේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැතිව USB flash drive එකක් පරිගණකයට සවිකර අදාළ කාර්යය අවසන් වූ පසුව USB flash drive එක නිකම්ම පරිගණකයෙන් ඇද ඉවත් කිරීමද ඔබ දැක ඇතිවාට සැකයක් නැත. දැන් ගැටලුව වන්නේ මෙයයි.
මෙයින් දත්ත හානිවීමක් වන්නේ නැතිද? මෙසේ අනාරක්ෂිත ලෙසින් USB flash drive එක ඉවත් කිරීමෙන් උපකරණයට හානියක් නොවේද? මේ සඳහා කෙටි පිළිතුරක් සහ දිගු පිළිතුරක් තිබේ. දිගු පිළිතුරේදී යම් අවස්ථාවලදී ඔබට නියමිත පරිදි USB flash drive එක remove නොකර ඉවත්කළ හැකි අවස්ථා තිබෙන බව දැනගැනීමට ලැබුණත්, මේ මොහොතේදී ඔබට කෙටි පිළිතුරෙන් සෑහීමකට පත්වීමට සිදුවේ. එනම්, සෑමවිටම නියමිත පරිදි USB flash drive එක remove කිරීම කළ යුතු බවයි.
කෙසේ වුවත් ඔබට USB flash drive එක remove කිරීමට ගතවන කාලය කරදරකාරී බවක් හැ‍ඟෙනවානම්, කාලය ඉතිරි කරගත හැකි උපක්‍රමයක් තිබේ. ඔබගේ USB flash drive එක පරිගණකයට සවිකළ පසුව Device Manager වෙත යන්න. මේ සඳහා ඔබට වින්ඩෝස් මෙනුවේ Device Manager යනුවෙන් search කිරීම හෝ My Computer අයිකනය මත right click කර ලැබෙන මෙනුවෙන් ‍ Device Manager තෝරාගැනීම හෝ වෙනයම් ක්‍රමයක් අනුගමනය කළ හැක.
දැන් එහි ඇති Disk drives උප තේරීම වෙත ගොස් ඔබගේ USB device එක ‍තෝරා double click කරන්න.
දැන් මතුවන වින්ඩෝවේ Policies tab එකට ගොස් Quick removal (default) යන්න ‍තෝරා ඇතිදැයි බලන්න. සාමාන්‍යයෙන් එය ‍ නිරායාසයෙන්ම තෝරාදී තිබේ.

දැන් ඔබට ඔබගේ USB drive එක සමග පරිගණකයේ ඇති ගනුදෙනුව හමාර වූ විගස දෙවරක් නොසිතාම එය ගලවාගැනීමට හැකියාව ලැබේ. කෙසේ වුවත් මෙහිදී USB drive එකේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවතී තිබිය යුතුය. නැතිනම් අදාළ ක්‍රියාකාරකමේදී හුවමා‍රැ වන දත්ත විනාශ වී යාම වැළැක්විය නොහැකිවනු ඇත.

සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත්වන සැම්සුන් Samsung Galaxy J7 Prime දුරකථනය


Samsung Galaxy J7 Primeසැම්සුන් සමාගම අගෝස්තු මස නිපදවූ අලුත්ම දුරකථනය තමයි Samsung Galaxy J7 Prime කියන දුරකථනය. මෙය සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කරනවා කියලා තමයි අන්තර්ජාල පුවත් වාර්තා කරන්නේ.
ද්විත්ව සිම් ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම දුරකථනයේ තිරය IPS LCD capacitive touchscreen, 16M colors සමන්විත අතර Corning Gorilla Glass 4 ආරක්ෂා වේ. එමෙන්ම මෙහි විශාලත්වය අඟල් 5.5ක් වේ.
Android OS, v6.0.1 (Marshmallow) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙම දුරකථනය 32GB මතක ගබඩාවකින් හා 3GB RAM මතකයකින් යුතු වන බවයි ඔවුන් පවසා සිටින්නේ.
13 MP පසුපස කැමරාවටත් 8MP ඉදිරිපස කැමරාවටත් LED FLASH දෙකක් සමන්විත වීම මෙහි සුවිශේෂී කරුණක් වෙනවා. 3000mAh ලිතියම් අයන් බැටරියකින් මෙය සමන්විතයි

මෙම දුරකථනයේ මිල Euro 300ක් පමණ වන බවයි මොවුන් පවසා සිටිනේනේ. එය ශ්‍රී ලංකා රුපියල් වලින් බැලුවහොත් රු 48000 කට වැඩි මුදලක් නමුත් පවතින බදු ක්‍රමය අනුව එම ගණන් වෙනස් විය හැකි බවයි අපගේ මතය.