GifBoom Pro


මේ වනවිට සමාජ ජාල තුළද ඡායාරූප බෙදාගැනීම තරමටම පැතිර යන උන්මාදයක් වන්නේ GIF ලෙසින් හැඳින්වෙන කෙටි සජීවීකරණ ඡායාරූපයන් බෙදා ගැනීමයි. GifBoom Pro යනුවෙන් හැඳින්වෙන්නේ ඔබගේ අයිෆෝනය උපයෝගී කරගනිමින් සජීවීකරණ ඡායාරූපයන් නිර්මාණය කිරීමට සහ බෙදාගැනීමට ඉඩ ලබාදෙන මෙවලමක් යනුවෙන් හැඳින්වීම වැරදි නැත.
මෙම GifBoom Pro යෙදුම ඔබගේ අයිෆෝනයේ ඉදිරිපස සහ පි‍ටුපස කැමරා දෙකටම සහාය දක්වන අතර, ඔබට ඉන් ගන්නා ඡායාරූපයක්  හෝ සෙල්‍ෆි ඡායාරූපයක් පහසුවෙන්ම GIF සජීවීකරණයක් බවට පත් කිරීමට ඒ මගින් ඉඩ ලබදෙනු ඇත. එසේම මෙහිදී ක්ෂණයකින් ගන්නා ඡායාරූප කිහිපයක් මගින් මෙම GIF ඡායාරූප නිර්මාණය වන අතර, එම ඡායාරූපයන් අතර වේගයද ඔබට පාලනය කිරීමට ඉඩ ලැබෙනු ඇත.
එසේම මෙම GifBoom Pro යෙදුම මගින් ලබාදෙන තවත් සුවිශේෂී හැකියාවක් වන්නේ තත්‍ය කාලීනව ඔබගේ GIF ඡායාරූපයට විවිධ ‍ෆිල්ටරයන් එකතු කිරීමේ හැකියාවයි. මෙහිදී මෙහි ඇති විශේෂ ‍vintage ෆිල්ටරය ඔබේ අවධානය වඩාත් දිනාගන්නා අංගය වුවහොත් පුදුමයක් නොවේ. එසේම මෙහිදී ඔබගේ ඡායාරූපයන් හත‍රැස් හැඩයටම තබාගැනීමට අවශ්‍ය නොවනා අතර, ඔබට කැමති ඕනෑම හැඩයකට, ඕනෑම ආකාරයකට ඔබේ GIF ඡායාරූප නිමවා ගැනීමට GifBoom Pro යෙදුම ඉඩ සලසනු ඇත.

ඩවුන්ලෝඩ් කිරීමට සබැඳිය: https://goo.gl/n09Zu6