USB flash drive ඇදල ගත්තා ක්‍රමයට Remove කරමු


ඔබත් Windows OS භාවිතා කරන්නේ නම්, USB flash drive එකක් පරිගණකයට සවිකර අවශ්‍ය කටයුතු සිදුකළ පසුව එය ඉවත්කිරීමේ ක්‍රමය වන්නේ Task bar එකේ දකුණු පස Notification Area හි මතුවන ‍Windows Safe Removal තෝරාගැනීම භාවිත කිරීමෙන් බව ඔබ දනී. මෙය ඕනෑම USB උපකරණයක් සඳහා පොදු, අනුමත ක්‍රියා පටිපාටිය වෙයි. කෙසේ නමුත් යම් අයෙකු මේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැතිව USB flash drive එකක් පරිගණකයට සවිකර අදාළ කාර්යය අවසන් වූ පසුව USB flash drive එක නිකම්ම පරිගණකයෙන් ඇද ඉවත් කිරීමද ඔබ දැක ඇතිවාට සැකයක් නැත. දැන් ගැටලුව වන්නේ මෙයයි.
මෙයින් දත්ත හානිවීමක් වන්නේ නැතිද? මෙසේ අනාරක්ෂිත ලෙසින් USB flash drive එක ඉවත් කිරීමෙන් උපකරණයට හානියක් නොවේද? මේ සඳහා කෙටි පිළිතුරක් සහ දිගු පිළිතුරක් තිබේ. දිගු පිළිතුරේදී යම් අවස්ථාවලදී ඔබට නියමිත පරිදි USB flash drive එක remove නොකර ඉවත්කළ හැකි අවස්ථා තිබෙන බව දැනගැනීමට ලැබුණත්, මේ මොහොතේදී ඔබට කෙටි පිළිතුරෙන් සෑහීමකට පත්වීමට සිදුවේ. එනම්, සෑමවිටම නියමිත පරිදි USB flash drive එක remove කිරීම කළ යුතු බවයි.
කෙසේ වුවත් ඔබට USB flash drive එක remove කිරීමට ගතවන කාලය කරදරකාරී බවක් හැ‍ඟෙනවානම්, කාලය ඉතිරි කරගත හැකි උපක්‍රමයක් තිබේ. ඔබගේ USB flash drive එක පරිගණකයට සවිකළ පසුව Device Manager වෙත යන්න. මේ සඳහා ඔබට වින්ඩෝස් මෙනුවේ Device Manager යනුවෙන් search කිරීම හෝ My Computer අයිකනය මත right click කර ලැබෙන මෙනුවෙන් ‍ Device Manager තෝරාගැනීම හෝ වෙනයම් ක්‍රමයක් අනුගමනය කළ හැක.
දැන් එහි ඇති Disk drives උප තේරීම වෙත ගොස් ඔබගේ USB device එක ‍තෝරා double click කරන්න.
දැන් මතුවන වින්ඩෝවේ Policies tab එකට ගොස් Quick removal (default) යන්න ‍තෝරා ඇතිදැයි බලන්න. සාමාන්‍යයෙන් එය ‍ නිරායාසයෙන්ම තෝරාදී තිබේ.

දැන් ඔබට ඔබගේ USB drive එක සමග පරිගණකයේ ඇති ගනුදෙනුව හමාර වූ විගස දෙවරක් නොසිතාම එය ගලවාගැනීමට හැකියාව ලැබේ. කෙසේ වුවත් මෙහිදී USB drive එකේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවතී තිබිය යුතුය. නැතිනම් අදාළ ක්‍රියාකාරකමේදී හුවමා‍රැ වන දත්ත විනාශ වී යාම වැළැක්විය නොහැකිවනු ඇත.