Showing posts with label TRICKS. Show all posts
Showing posts with label TRICKS. Show all posts

ෆෝන් එක නැතිවුනොත් මොකද කරන්න ඕනේ?


ෆෝන් එක නැතිවුනොත් මොකද කරන්න ඕනේ?



2. TRCSL ලියමන
Source – trc.gov.lk

මීළඟට ඔබ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔබේ අස්ථානගත වූ දුරකථනය ගැන විස්තර සහිත ලිපියක් යැවිය යුතු වෙනවා. මෙහි දුරකථනය නැති වූ දිනය, දුරකතනයේ IMEI නොම්මරය අප කලින් ලබාගත්ත පොලිස් පැමිණිල්ලේ පිටපත, සහ ඔබේ හැඳුනුම්පතේ සහතික කල පිටපතක් ඒ සමඟ අමුණා යවන්නට අමතක කරන්න එපා.
වැදගත්: මේ සියල්ලේම පිටපත් ඔබ සතුවත් තියා ගන්න එක හොඳයි.


මොකද්ද මේ IMEI නොම්මරය කියන්නේ?
Source – ubergizmo.com

IMEI කියන්නේ ඔබේ දුරකතනයට ලබාදී ඇති හඳුනාගැනීමේ අංකයයි. එය ඔබේ දුරකතනයටම අනන්‍ය වුනු අංකයක් බව මතක තබා ගැනීම වැදගත් වෙනවා. *#06# අංකය දුරකතනයේ ඛේතනය කිරීමෙන් සරලවම ඔබට ඔබේ දුරකතනයේ IMEI අංකය ලබාගැනීමට පුළුවන්. එහෙම නැතිනම් ඔබේ දුරකතනය ට ලැබුණු ඇසුරුම් පෙට්ටියේ පිටත මේ IMEI නොම්මරේ සටහන් කර ඇති.  බැරි වෙලාවත් ඔබේ ෆෝන් එකේ IMEI නොම්මරය සමඟ පෙට්ටියේ IMEI එක සැසඳූනේ නැතිනම්, ඔබේ ෆෝන් එක නිත්‍යානුකූල නොවන අයුරකින් මෙරටට ගෙන ආ දුරකතනයක් බව හිතට ගත්තොත් හොඳයි.


3. සිම් එක ඔබේ නොවෙයි නම්?
Source – dailydot.com

සිම් පතේ හිමිකරුවාගේ, සිම්පත හිමි සමාගම, අධ්‍යාපනික ආයතනය, සේවා ස්ථානය  තුල සිම්පතේ වගකීමක් දරන කෙනෙකුගේ අත්සන සහ විස්තර සහිතව ලිපියක් ඉහත ලිපියටම අමුනන්නට අවශ්‍යයි.
එහි අදාළ සමාගම/ පුද්ගලයා විසින් ඔබට මේ සිම්පත භාවිතය සඳහා ලබාදුන් බවට සහතිකයක් ඇතුළත් වීම අනිවාර්යය වෙනවා.

4. ඉන් පස්සේ මොකද වෙන්නේ?
  1. ඔබ මේ ලියුම TRCSL එකට යැවුවාට පස්සේ ඔවුන් ඔබ දුරකතනයේ තොරතුරු සහිත වාර්තාවක් සියලු ම සිම්පත් සහිත දුරකථන සමාගම් වලට ලබා දෙනවා. එහිදී ඔබේ IMEI නොම්මරය සහිත දුරකථනය කුමන අංකයක් යටතේ භාවිතා වෙනවා ද කියා දැන ගැනීමට පුළුවන්.මෙයට කොතරම් කාලයක් යනවා ද කියලා කියන්නට අපහසු වන්නට හේතුව වෙන්නේ ඔබෙන් සොරා ගත් දුරකථනය වෙනත් සිම් පතකින් දුරකථන ජාලයකට සම්බන්ධ වෙන තුරු සිටින්නට අවශ්‍ය වීම නිසයි.
  2. මෙසේ තොරතුරු යම් දුරකථන සමාගමකින් සොයා ගත් පසු TRCSL එකට පරීක්ෂණ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය තොරතුරු සහිත රහස්‍ය වාර්තාවක් අදාළ සමාගමෙන් සැපයෙනවා.
  3. ඒ අතරම මේ ගැන දුරකථනය හිමිකරු වන ඔබට ද ලිපියකින් දන්වන්නට TRCSL එක කටයුතු කරනවා.

5. TRCSL එකෙන් පොලිසියට
  1. සොරා ගත් දුරකථනය ගැන අවශ්‍ය හෝඩුවාවක් TRCSL එකෙන් සොයා ගත් පසු ඔවුන් ඒ සියලු ම තොරතුරු සහ සාක්ෂි රහස්‍ය වාර්තාවක් මගින් පොලිසියට ලබා දෙනවා. ඉන් පසුව දුරකථනය නැති වූ පසු මුලින් ම දුරකථන ජාලයට ඇමතුමකින් සම්බන්ධ වූ නොම්මරය අයිති පුද්ගලයාගේ ලිපිනයට පොලිසිය විසින් කැඳවීමක් කරනවා.
  2. ඉන් පසුව අවශ්‍ය හෝඩුවාව ඔස්සේ කටයුතු කර අවශ්‍ය නීතිමය කටයුතු පොලිසිය මගින් කරන්නට පටන් ගන්නවා. ඉන්පසුව ඔවුන් විසින් ඔබේ දුරකථනය ඔබේ අතට ලැබෙන්න කටයුතු කරාවි.


ගුගල් Find My Phone
Source – searchengineland.com
Source – searchengineland.com
ඔබ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නෙක් නම් ඔබ දුරකතනයේ සම්බන්ධිත ඊමේල් ලිපිනය ඔබ වර්තමාන භාවිත කරන එකක් නම්, බ්‍රව්සර් එකේ ඇඩ්රස් පෙනුවේ Find My Phone කියා ටයිප් කල විට ඔබ ජාලගත වෙන දුරකථන සහ උපාංග ලැයිස්තුව පෙන්වනවා. එයින් ඔබට අවශ්‍ය උපාංගය තෝරා, එය නාදය කරවන්නටත්, තිබෙන තැන ගුගල් මැප් එක්ක ඔස්සේ පෙන්වන්නටත්, උවමනා නම් ඒ උපාංගයේ දත්ත මකා දමන්නටත් පුළුවන් වෙනවා.
මේ සියල්ල කරන්නට පුළුවන් වෙන්නේ ඒ අවස්ථාව වෙන කොටත් ඔබේ දුරකථනය අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා තියෙනවා නම් පමණයි. එහෙම නැතිනම් පෙන්වන්නේ ඔබේ දුරකථනය අවසාන වරට ජාල ගත වෙලා තියෙන්නේ කොතැනින් ද කියල විතරයි.

USB flash drive ඇදල ගත්තා ක්‍රමයට Remove කරමු


ඔබත් Windows OS භාවිතා කරන්නේ නම්, USB flash drive එකක් පරිගණකයට සවිකර අවශ්‍ය කටයුතු සිදුකළ පසුව එය ඉවත්කිරීමේ ක්‍රමය වන්නේ Task bar එකේ දකුණු පස Notification Area හි මතුවන ‍Windows Safe Removal තෝරාගැනීම භාවිත කිරීමෙන් බව ඔබ දනී. මෙය ඕනෑම USB උපකරණයක් සඳහා පොදු, අනුමත ක්‍රියා පටිපාටිය වෙයි. කෙසේ නමුත් යම් අයෙකු මේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැතිව USB flash drive එකක් පරිගණකයට සවිකර අදාළ කාර්යය අවසන් වූ පසුව USB flash drive එක නිකම්ම පරිගණකයෙන් ඇද ඉවත් කිරීමද ඔබ දැක ඇතිවාට සැකයක් නැත. දැන් ගැටලුව වන්නේ මෙයයි.
මෙයින් දත්ත හානිවීමක් වන්නේ නැතිද? මෙසේ අනාරක්ෂිත ලෙසින් USB flash drive එක ඉවත් කිරීමෙන් උපකරණයට හානියක් නොවේද? මේ සඳහා කෙටි පිළිතුරක් සහ දිගු පිළිතුරක් තිබේ. දිගු පිළිතුරේදී යම් අවස්ථාවලදී ඔබට නියමිත පරිදි USB flash drive එක remove නොකර ඉවත්කළ හැකි අවස්ථා තිබෙන බව දැනගැනීමට ලැබුණත්, මේ මොහොතේදී ඔබට කෙටි පිළිතුරෙන් සෑහීමකට පත්වීමට සිදුවේ. එනම්, සෑමවිටම නියමිත පරිදි USB flash drive එක remove කිරීම කළ යුතු බවයි.
කෙසේ වුවත් ඔබට USB flash drive එක remove කිරීමට ගතවන කාලය කරදරකාරී බවක් හැ‍ඟෙනවානම්, කාලය ඉතිරි කරගත හැකි උපක්‍රමයක් තිබේ. ඔබගේ USB flash drive එක පරිගණකයට සවිකළ පසුව Device Manager වෙත යන්න. මේ සඳහා ඔබට වින්ඩෝස් මෙනුවේ Device Manager යනුවෙන් search කිරීම හෝ My Computer අයිකනය මත right click කර ලැබෙන මෙනුවෙන් ‍ Device Manager තෝරාගැනීම හෝ වෙනයම් ක්‍රමයක් අනුගමනය කළ හැක.
දැන් එහි ඇති Disk drives උප තේරීම වෙත ගොස් ඔබගේ USB device එක ‍තෝරා double click කරන්න.
දැන් මතුවන වින්ඩෝවේ Policies tab එකට ගොස් Quick removal (default) යන්න ‍තෝරා ඇතිදැයි බලන්න. සාමාන්‍යයෙන් එය ‍ නිරායාසයෙන්ම තෝරාදී තිබේ.

දැන් ඔබට ඔබගේ USB drive එක සමග පරිගණකයේ ඇති ගනුදෙනුව හමාර වූ විගස දෙවරක් නොසිතාම එය ගලවාගැනීමට හැකියාව ලැබේ. කෙසේ වුවත් මෙහිදී USB drive එකේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවතී තිබිය යුතුය. නැතිනම් අදාළ ක්‍රියාකාරකමේදී හුවමා‍රැ වන දත්ත විනාශ වී යාම වැළැක්විය නොහැකිවනු ඇත.