සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත්වන සැම්සුන් Samsung Galaxy J7 Prime දුරකථනය


Samsung Galaxy J7 Primeසැම්සුන් සමාගම අගෝස්තු මස නිපදවූ අලුත්ම දුරකථනය තමයි Samsung Galaxy J7 Prime කියන දුරකථනය. මෙය සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කරනවා කියලා තමයි අන්තර්ජාල පුවත් වාර්තා කරන්නේ.
ද්විත්ව සිම් ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම දුරකථනයේ තිරය IPS LCD capacitive touchscreen, 16M colors සමන්විත අතර Corning Gorilla Glass 4 ආරක්ෂා වේ. එමෙන්ම මෙහි විශාලත්වය අඟල් 5.5ක් වේ.
Android OS, v6.0.1 (Marshmallow) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙම දුරකථනය 32GB මතක ගබඩාවකින් හා 3GB RAM මතකයකින් යුතු වන බවයි ඔවුන් පවසා සිටින්නේ.
13 MP පසුපස කැමරාවටත් 8MP ඉදිරිපස කැමරාවටත් LED FLASH දෙකක් සමන්විත වීම මෙහි සුවිශේෂී කරුණක් වෙනවා. 3000mAh ලිතියම් අයන් බැටරියකින් මෙය සමන්විතයි

මෙම දුරකථනයේ මිල Euro 300ක් පමණ වන බවයි මොවුන් පවසා සිටිනේනේ. එය ශ්‍රී ලංකා රුපියල් වලින් බැලුවහොත් රු 48000 කට වැඩි මුදලක් නමුත් පවතින බදු ක්‍රමය අනුව එම ගණන් වෙනස් විය හැකි බවයි අපගේ මතය.