කෙසේ වුවත්
මෙම ගැටලුව දෙස නැවත බැලීමේදී පෙනීයන කාරණාව වන්නේ, බොහෝ විට
ස්මාට්ෆෝනයක මතක ධාරිතාව මදිවීමට සැබවින්ම හේතුවන්නේ ස්මාට්ෆෝනයේ කළමනාකරණය
සම්බන්ධයෙන් ඔබගේ නොහැකියාව, මනා නඩත්තුවක් නොමැතිවීම යන
කාරණා නිසාවෙන් බවයි.
මෙහිදී විශේෂයෙන්ම
සලකා බැලිය යුතු වන්නේ, ඔබගේ ස්මාට්ෆෝනයේ මතකයේ රඳවා ඇති ඔබ
කිසිම දිනක අසා නැති ගීත, වීඩියෝ වැනි දත්ත, ඔබ විසින් ආසාවට ස්ථාපනය කොට ගත්තද, කිසිම
දිනක භාවිත කර නැති ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වැනි දේ සම්බන්ධයෙනි.
ඔබ විසින්
මුලින්ම කළ යුතු දේ වන්නේ Settings > Apps යන මාර්ගයේ ගොස්
ඔබගේ ස්මාට්ෆෝනයේ ස්ථාපනය කර ඇති යෙදුම් ලැයිස්තුව බලා එහි ඇති ඔබට අනවශ්‍ය,
කෙදිනකවත් භාවිත කර නැති, භාවිත කරනු
ඇතැයි නිශ්චිත අදහසක්ද නැති යෙදුම් ඉවත් කිරීමයි. ඔබට Google Play වෙතින් ලබාගන්නා Disk Usage යෙදුම ආශ්‍රයෙන්
ස්මාට්ෆෝනයේ ධාරිතාවේ වැඩිම ඉඩක් ලබාගෙන ඇති දත්ත ගොනු සම්බන්ධ අදහසක් ලබාගන්නට
හැකිවනු ඇත.
ඔබ භාවිත
කරන්නේ අවම ශක්‍යතා සහිත ස්මාට්ෆෝනයක් නම්, ඔබට නිරන්තරයෙන්
ස්මාට්ෆෝනය මන්දගාමී වීම සහ ධාරිතාව අඩුවී ඇති බැවින් වහාම ඉඩ ලබාදෙන ලෙසට
මෙහෙයුම් පද්ධතියෙන් ලැබෙන අනතුරැ හැඟවීමේ පණිවුඩ නුහුරැ නුපුරැදු නොවනු ඇත.
සාමාන්‍යයෙන් Google Maps වල සිට Google Play යෙදුම දක්වා බොහෝ යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන වන අතර, එම යාවත්කාල කිරීම් විසින් ඔබගේ ස්මාට්ෆෝන් ධාරිතාවේ සැලකිය යුතු ඉඩක්
අත්පත් කරගනු ඇත. ස්මාට්ෆෝනයේ මෙහෙයුම් පද්ධතියට සාර්ථකව සිය මෙහෙයුම් කිරීම සඳහා
ඉඩ අවශ්‍ය බව කියා අනතුරැ හැඟවීමක් ලැබුණු විට ඔබට කළ හැකි එක් දෙයක් වන්නේ,
Task Manager වෙත ගොස් හෝ Settings > Apps වෙත ගොස් අනවශ්‍ය යෙදුම් ඉවත් කිරීම සහ අවශ්‍ය යෙදුම්වල වෙනමම පෙන්වන
යාවත්කාලීන වූ දත්ත ඉවත් කිරීමයි.
එසේම DroidSail
Super App2SD Lite වැනි යෙදුමක් සමගින්, අභ්‍යන්තර මතකයේ ඇති ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වලින් SD මතකයට මාරැ කළ හැකි යෙදුම් වහාම මාරැ කිරීමද ඵලෝත්පාදක කටයුත්තක් වේ.