අගෝස්තු මාසයේ වෙළෙඳපොලට නිකුත් වූ Oppo F1s


සෙල්ෆි උන්මාදයෙන් පෙළෙන අයට විශේෂයෙන් මෙය හොඳ ආරංචියක් වේවි. මොකද මේ දුරකථනය මෙගාපික්සල් 16ක සෙල්ෆි කැමරා එකක් සමග වෙළෙඳපොලට පැමිණුන දුරකථනයක්. මෙහි පිටුපස කැමරාව මෙගාපික්සල් 13කින් යුක්තවන අතර LED FLASH එකක් ද තිබෙනවා.
මෙහි Display එක ගැන කථා කළොත් 5.5 inches Display එකක් තියෙනවා. ඒ වගේම Corning Gorilla Glass 4 එකකියන් එය ආරක්ෂා වෙලා තියෙනවා.
මෙහි මෙහෙයුම් පද්ධතිය Android OS, v5.1 (Lollipop) මඟින් බලගැන්වෙන අතර 32GB මතක ගබඩාවක් ඇති අතර රැම් මතකය 3GB වෙනවා. මෙහි අමතර මතකය 256GB වෙනකම් MIcroSD මගින් වැඩිදියුණු කරන්න පුළුවන්.
මෙය 3075mAh ලිතියම් අයන් බැටරියකින් බලගැන්වෙනවා. ඒ නිසා  බැටරිය එක් වරක් ආරෝපනය මගින් වැඩි කාලයක් දුරකථනය ක්‍රියාකාරීව තිබේයැයි මොවුන් විශ්වාස කරනවා.

ඉතිං තවත් අලුත් තොරතුරක් එනකම් ඔබට සුබ දවසක්. රැඳී සිටින්න අප සමග. ස්තූතියි.