ලොව දිගම ගුවන් යානය ගුවන්තවීමට සූදානම්


ලොව දිගම හයිබ්‍රිඩ් ගුවන් යානය ලෙස වාර්තා පොතට නම එක්කරමින් 'එයාර්ලෑන්ඩර්ටෙන්'  ගුවන් යානය සිය නිමැවුම්හලෙන් ඉවතට පදවා ගෙනැවිත් තිබේ.
මෙම ගුවන් යානය අඩි 302ක දිගින් යුතු වන අතර, මේ යානය එය රඳවා තිබූ තැනින් එළියට ගෙන එය ගුවන් ගත කිරීමට නියමිත ස්ථානය කරා ඇදගෙන යාමට පැය භාගයක පමණ කාලයක් ගතවී ඇති බව වාර්තාවෙයි.
මෙම යානයේ නිෂ්පාදන පිරිවැය පවුම් මිලියන 25ක් බවත් මාර්තා ග්වේන් ලෙස බෞතීස්ම කර ඇති බවත් පැවසේ.
එහි එන්ජින්, ජෙනරේටර් හා පද්ධති පරීක්ෂාව සම්පූර්ණ කර ඇති අතර ගොඩ බැස්සවීමේ පද්ධති පරීක්ෂා කරමින් පවතින බව වැඩිදුරටත් අනාවරණය කර ඇත. මෙතෙක් ලොව විශාලතම මගී ගුවන් යානයට වඩා අඩි 60ක් දිගින් වැඩි මෙය ඉදිරියේදී මංගල චාරිකාවේ නිරත වීමට නියමිතය.

ඡායාරූප කිහිපයක් පහත දැක්වේ