මෙම මස දී වෙළඳපොල වෙත නිකුත් කල Samsung Galaxy On7 Pro



දිනෙන් දින අළුත්වන දුරකථන ලොවේ සැම්සුන් සමාගම විසින් අලුතින්ම වෙළඳපොල වෙත නිකුත් කරන ලද දුරකථනය තමයි Samsung Galaxy On7 Pro.
ඉතින් මෙහි ඇති පහසුකම් දෙස බැලුවහොත් මෙහි Primary Camera එක 13MP, Auto Focus Camera එකක් තමයි පිහිටලා තියෙන්නේ. ඒවගේ ඉදිරිපස කැමරාව 5mp ලෙසට නිෂ්පාදනය කර තිබෙනවා.
මෙහි තිරය නැතිනම් DISPLAY එක ගැන සැලකිල්ලක් දැක්වූවාම අපිට දැනගන්න ලැබුනේ  5.5inches 720x1280pixels ටච් ස්ක්‍රීන් එකකින් සමන්විත වෙනවා.
මෙහි රැම් මතකය 2GB වන අතර ගබඩා කරගත හැකි දත්ත ප්‍රමාණය 16GB වෙනවා. එමෙන්ම මෙහි සුවිශේෂිත්වය වන්නේ මෙහි 256 GB දක්වා මතකය වැඩි කර ගැනීමට මෙමරිකාඩ් පත් දෙකක් සම්බන්ධ කල හැකි ස්ලොට් දෙකක් පිහිටා තිබීම.
ඩුවල් සිම් ක්‍රියාකාරීත්වයෙන් වෙළඳපොලට පැමිණි Samsung Galaxy On7 Pro ස්මාටර් දුරකථනයට FM RADIO පහසුකමෙන් මෙන්ම Android OS, v6.0.1 (Marshmallow)  සලසා දීමට SAMSUNG සමාගම තීරණය කර තිබෙනවා.
3000 mAh ලිතියම් අයන් batteryකින් සමන්විත මෙම දුරකථනය වෙළඳපොලට නිකුත් කර ඇති මිල වන්නේ EURO 180කි. මෙය ඇමරිකානු ඩොලර් 199.25 ක මිලක් වන අතර මෙය ශ්‍රී ලංකා රුපියල් වලින් 29000කට ආසන්න වේ. නමුත් මෙය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට පැමිණිමේදී කොපමණ මුදලක් අයකරාවිද යන්න ගණනය කිරීමක් කළ නොහැකියි.
දිනූ