ජංගම දුරකථන හා ටැබ් පරිගණක උපාංග සඳහා
ඇප් නිර්මාණය කරන්නන් නවතම යෙදුම් නිර්මාණය කිරීමට සෑම දිනකම උත්සාහ දරන බව
නොරහසකි. ඇත්ත වශයෙන්ම ඔවුන් ;පසුගිය දින හෝ දින කීපය තුල නිමවූ සහ හොඳම නැතිනම්
කාර්යක්ෂමතාව උපරිම වූ එසේත් නැතිනම් භාවිතා කරන්නන්ගේ හොඳ ප්‍රතිචාරයක් ඇති ඇන්ඩ්‍රොයිඩ්
උපාංග ගැන සෑම දිනකම දත්ත වාර්තා ඉදිරපත් කරනු ලබයි. පසුගිය ජූනි මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ්
ඇප් 10 මෙසේ ඔවුන් තෝරාගෙන තිබෙන බව අපට තොරතුරු වාර්තාවිය.
ADW
Launcher (2.0) beta
Boomerang Notifications
ඔබට අතපසුවන යම් දෙයක්
වෙතොත් සැනෙන් එය නොටිෆිකේෂකන් එකක් මගින් මතක් කර දෙන යහළුවෙකු මෙන් භාවිත කළ හැකි යෙදුමක් ලෙස Boomerang
Notifications හැඳින්විය හැකිය. මෙම යෙදුම මගින් ඔබගේ එදිනෙදා
කටයුතු ඔබට මතක් කර දෙනවා සේම ඔබ සමග වැඩ කරනවා සේ ඔබට දැනෙන්ට පුළුවනි. මෙය ප්‍රථම
සංස්කරණය නොවන අතර මෙය ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය වෙත
භාගත කරගැනීමට හැකියාව පවතියි. නොමිලේ ලැබෙන සංස්කරණයේ සියළු කාර්යයන් නැතිනම්
සියළු අංගයන් ක්‍රියා නොකලත් ඔබට එදිනෙදා ජීවිතයේදී නැත්නම් එදිනෙදා කාර්යයන් වලදී
අවශ්‍ය වන යම් දැනුවත් කිරීම් කොටසක්
එයින් ලබාගත හැකි බවට තොරතුරු අනාවරණය වෙයි.







