Showing posts with label Colombo Cross Street. Show all posts
Showing posts with label Colombo Cross Street. Show all posts

විදුලි උපකරණ හා ලෙදර් වර්ග මිලදී ගැනීමට යන්න ඕන තැන - හරස් පාර 02


Image resultවිදුලි උපකරණ වර්ග ගත්තොත් විදුලි පන්දමේ සිට සෑම භාණ්ඩයක්ම, ඒ කියන්නේ ටීවී. ශීතකරන, රෙදිසෝදන යන්ත්‍ර, ඩීවීඩි යන්ත්‍ර, වායුසමීකරණ යන්ත්‍ර, පරිගණක වර්ග, කැමරා වර්ග, බල්බ් වර්ග, විදුලි පංකා,  විදුලි උදුන්, විදුලි කේතල්, ඇතුළු සියළුම විදුලි උපකරණ වර්ග මිලදී ගැනීම සඳහා කොළඹ කුමාර වීදීයට ඇතුවී බලන්න පුළුවන්. ඒ වගේම තමයි, ලෙදර් වර්ග, ඒ කියන්නේ මුදල් පසුම්බි හා බෑග් වර්ග මැසීමට ගන්නා හම් ලෙදර් වර්ග මිලදී ගැනීමට යාමට හොඳම ස්ථානය තමයි කොළඹ කුමාර වීදිය.
ඉතිං අපි හිතනවා ඔයාට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා. මේ ගැන අදහසක් පහළ Comment box එකේ ලියලා යන්න. යාළුවන්ටත් බලන්න Share කරන්න.

මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.

සපත්තු සෙරෙප්පු, අත්ඔරලෝසු, බෑග් ගන්න කොළඹ මල්වත්ත පාරට එන්න - හරස් පාර 01

ඔන්න අපේ අළුත්ම විශේෂාංගය.. හරස් පාර අරගෙන මම ආවා. මේ කොළඹ හරස් වීදි ගැන කථා කරන විශේෂාංගයක්. මේකෙදි වෙන්නේ, කොළඹ තියෙන හරස් වීදි ගැන කථා කරලා ඒවා ප්‍රසිද්ධ මොන මොන භාණ්ඩ අලෙවිය සඳහා ද කියලා කියන එක. කොටුව ස්ටේෂන් එක පැත්තෙ ඉඳන් පටන් ගමු . ඒ කියන්නේ මුල ඉඳලා.
මුලින්ම අපට හමුවෙන්නේ මල්වත්ත පාර. දන්න වගේම නොදන්න අයත් ඇතිනේ. ඉතින් මේ මල්වත්ත පාර මොනවටද ප්‍රසිද්ධ කියලා අපි හොයලා බලමු. මේ පාර ගත්තොත් අත්ඔරලෝසු, බෑග් සපත්තු වගේ දේවල් තමයි මේ පාරෙන් අපිට ගන්න පුළුවන්.


සපත්තු ගැන මුලින්ම කතාකලොත් සෙරෙප්පුවේ සිට මිල අධික සන්නාමයන්ගේ සපත්තුව දක්වා මෙහිදී ඉතා අඩු සහනදායී මිල ගණන් යටතේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි එහෙන් මෙහෙන් අලවලා දෙන සපත්තු සෙරෙප්පුත් නැතිවාම නොවෙයි.  ඒ වගේම තමයි බෑග්, අත් ඔරලෝසු. ලොකු කුඩා සෑම පන්තියකටම ගැලපෙන අන්දමින් මෙහිදී මිලදී ගැනිමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම තමයි සීඩී ඩීවීඩි එහෙමත් අඩුවට ගන්න පුළුවන් තැනක් තමයි මේ මල්වත්ත පාර කියන්නේ්‍. ඩීවීඩී සීඩී තොග ගන්නවානම් අඩුව රුපියල් 15 18 වගේ මිල ගණන් වල ඉඳලා  ගන්න පුළුවන්. ගමේ ගඩේ රු. 50 සිට 300 දක්වා මිල ගණන් වලට අලෙවි වන සිංදු, චිත්‍රපට, සංගීත ප්‍රසංග, ගේම් වගේ ඕනෙම දෙයක් හැදෙන්නේ මේ මල්වත්තේ තමයි.

ඉතිං හරස්පාර ඊලඟ විශේෂාංගයත් සමග එකතු වෙමු. සුභ දවසක්.